නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 28ක් හා රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේ දී දිවුරුම්දීම ආරම්භ වෙයි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ය.
පළමුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් වෙනුවෙන් මෙහිදී පත්වීම් ප්රදානය කිරීම සිදුකෙරුණි.
අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලය මෙසේය.
කැබිනට් අමාත්‍යවරු
- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය
- අගමැති මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
- අගමැති මහින්ද රාජපක්ෂ – නාගරික සංවර්ධන අමාත්‍ය
- අගමැති මහින්ද රාජපක්ෂ – බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
- නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
- ජී එල් පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
- පවිත්‍රාදේවි වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර කටයුතු අමාත්‍ය
- ගාමිණි ලොකුගේ – ප්‍රවාහන කටයුතු අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන – වෙළඳ කටයුතු අමාත්‍ය
- සී බී රත්නායක – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
- ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
- චමල් රාජපක්ෂ – වාරිමාර්ග කටයුතු අමාත්‍ය
- ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
- ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග කටයුතු අමාත්‍ය
- විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
- මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
- එස් එම් චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
- මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
- වාසුදේව නානායක්කාර – ජල සම්පාදන කටයුතු අමාත්‍ය
- උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
- රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
- ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
- රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික කටයුතු අමාත්‍ය
- නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
- අලි සබ්රි – අධිකරණ අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
- චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය ඇමති
- ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
- දුමින්ද දිසානායක – සුර්ය බල සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍ය
- දයාසිරි ජයසේකර – බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය
- ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා හා පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය
- සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය
- අරුන්දික ප්‍රනාන්දු – පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණය රාජ්‍ය අමාත්‍ය
- නිමල් ලංසා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
- ජයන්ත සමරවීර – ගුදම් පහසුකම් බහාලූම් අංගනුම් අංගනය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- රොෂාන් රණසිංහ – ඉඩම් කලමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- විදුර වික්‍රමනායක – ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලාශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
- ජානක වක්කුඹුර – උක්, බඩඉරිඟු, කජු ගම්බිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය
- ශෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ශුද්‍ර මූල්,ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය
- ලොහාන් රත්වත්ත – මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
- දිලුම් අමුණුගම – වාහන නියාමන, බස් රථ ප්‍රවාහන, දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
- විමලවීර දිසානායක – වනජීවී රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
- ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය
- සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්රිත ඇළ වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- සරත් වීරසේකර – පළාත් පාලන හා පළාත් සභා කටයුතු රාජ්‍ය අමාත්‍ය
- අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව් ජලාශ හා වාරි මාර්ග වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- සදාසිවම් ව්යාලෙන්ද්රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
- පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
- ප්‍රසන්න රණවීර – වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- ඩී.වී. චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- ඩී. බී. හේරත් – පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
- ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය කාබනික ආහාර එළවළු පලතුරු මිරිස් ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
- නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
- ජීවන් තොන්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
- අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
- වෛද්‍ය සීතා අරඹේපොල – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය
- චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදන හා සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍ය