“අලිමංකඩ සෙබළුන් මම මැරුවා කීවේ නෑ”

– කරුණා සී.අයිඩියට කියලා

යුධ හමුදාවේ සෙබළුන් දහසක් ගණණක් මරා දැම්මේ තමන් විසින් බව කොතැනකවත් නොකී බවත් තමන් එදා ප්‍රකාශ කලේ එල්.ටී.ටී ඊ සංවිධානය කළ දේ පිළිබඳව බවත් අලිමංකඩ සටනට තමන් නොව සම්බන්ධ වූයේ මිය ගිය බානු නැමති කොටි නායකයා බවත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට පැමිණි එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායක සහ හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කොට ඇත.

අද පෙවරු 11.00ට පමණ කොලඹ පිහිටි තම නිවසේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කරුණා අම්මාන් පවසා ඇත්තේ තමන් විසින් අම්පාරේ දී සිදු කරන ලද ප්‍රකාශය කාරතිව් ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණා කොරෝනාවලටත් වඩා භයානක බවට කළ ප්‍රකාශයට දේශපාලනික පිළිතුරක් ලබා දීමට බවද ප්‍රකාශ කොට ඇත.


එහිදී තමන් කිසි විටෙකත් හමුදා සෙබළුන් දෙදහසක් තුන් දහසක් ඝාතනය කළ බව ප්‍රකාහ නොකළ අතර එය සිදු කළේ එල්.ටී.ටී ඊ සංවිධනය බවද ප්‍රකාශ කර ඇත. පැය හතකට ආසනන් කාලයක් කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ ගතගත කළ කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්සන දෙපාර්තමේන්තු නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ඔහුගේ ත්‍රස්ත සංවිධානයේ ජීවිතය සහභාගී වූ සටන් ආදිය පිළිබඳව ද ප්‍රශ්න කොට ඇතිබව වාර්තා වන අතර ඔහු විසන් දෙන ලද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Exit mobile version