අල්ලස් ගනිද්දී කොටු වූ නාගරික මන්ත්‍රීවරු දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට….

ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍යය අනුමැතිය මහ නගර සභාවෙන් කඩිනමින් රැගෙන දීම සඳහා රුපියල් 150000.00 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම හෙට දින (08) තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ කීර්ති බණ්ඩාර රත්නායක හා මුත්තුපිල්ලේ විග්නේෂ්වරන් නැමැති නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනාය.

මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි පෞද්ගලික රෝහලකදී මෙම අල්ලස් ගැනීම සිදුකර තිබේ.
කටුගස්තොට පාළම ආසන්නයේ ඩිජිටල් නාම පුවරුවක් ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මෙම අල්ලස් මුදල ඉල්ලා සිටි බවත් දිගින් දිගටම සිදුකළ කරදර කිරීම් ඉවසා ගැනීමට නොහැකිව අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පැමිණිලි කළ බවත් මේ පැමිණිල්ල කළ ශාහීම් කාදර්  පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුදල් ඉල්ලා දිගින් දිගටම සිදුකළ කරදර කිරීම් නිසා තමන් අසනීප වූ බවත් ඒ නිසා පරීක්ෂණ කිහිපයක් සිදුකර ගැනීමට පෞද්ගලික රෝහලට ගොස් සිටි බවත් කී ඔහු එම අවස්ථාවේදී අල්ලස් මුදල ලබා ගැනීමට පැමිණි එක් මන්ත්‍රීවරයෙකු පළාගිය බවද ප්‍රකාශ කළේය.

Exit mobile version