අල්ලස් කොමිසමට පත්වූ පළමු අධ්‍යක්ෂවරියට යාපනේට මාරුවක්

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ විමර්ශණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලස් අධිකාරී පද්මිනී වීරසුරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනයට මාරු කිරීමට පොලිස් මූලසථානය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

එසේ වුවද අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම ඇය රාජකාරියෙන් නිදහස් කිරීමට කටයුතු කර නොමැති අතර මේ සඳහා සුදුසු විමර්ශණ නිලධාරියකු පොලිසිය වෙතින් ලබාගෙන නිසි ලෙස සම්මුඛ පරීක්ෂණවලට ලක් කිරීමට කටයුතු කළ යුතු බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වීරසූරිය මහත්මියගේ මාරු වීමත් සමඟ පොලිස් මූලස්ථානයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු අල්ලස් කොමිසම වෙත නම් කර තිබුණද අල්ලස් හෝ දූෂණ කොමිසම ප්‍රකාශ කර ඇත්තේ විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව මෙම බඳවා ගැනීම සිදු කළ යුතු බවය.


එලෙස බඳවා ගන්නා තෙක් වීරසූරිය මහත්මිය නිදහස් කිරීම මේ අනුව ප්‍රමාද කිරීමට අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසූරිය මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභා ඉතිහාසයේ පත් වූ පළමු කාන්තා විමර්ශණ අධ්‍යක්ෂවරිය වන අතර ඇයගේ කාලයේ වැඩිම විමර්ශෂණවලට ලක්වූයේ පොලිස් නිලධාරීන් වීමද විශේෂත්වයකි.

Exit mobile version