අලව්වේ සහ රාවණා ඇල්ලේ අනතුරු 2කින් 8ක් ජීවිතක්ෂයට

අලව්ව සහ රාවණා ඇල්ල ප්‍රදේශවල අද අලුයම සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් දෙදෙනකු සහ එහි රියදුරු ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

තවත් ඉන්ජිනේරුවරුන් 2 නෙකු තුවාල ලබා බදුල්ල හා වැල්ලවාය මූලික රෝහල්වලට ඇතුලත් කර තිබේ.


එමෙන්ම අලව්ව වලකුඹුර ප්‍රදේශයේ දී ටිපර් රථයක ගැටීමෙන් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයන් පස්දෙනෙකු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔවුන් අවමංගල්‍යයකට සහභාගිවී එමින් සිටී, කොළඹ පිහිටි ප්‍රධාන වැඩ බිමක සේවය කරන පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් බීමතින් සිටි බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලව් පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version