අලවතුගොඩ ඡායාරූප ශාලාවක පන්දාහේ නෝට්ටු ෆැක්ටරියක් !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු මුද්‍රණය කළ අලවතුගොඩ ප්රදේශයේ පුද්ගලයෙකු සහ මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණක උපකරණ සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලිසිය සමත්ව ඇත
මෙම මුදල් අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක් තුළ මුද්‍රණය කර තිබෙන බවද අනාවරණය වී ඇති අතර ව්‍යාජ 5000 නෝට්ටු සියල්ලේම සඳහන්ව ඇත්තේ එකම අංකය බවටද අනාවරණය වී තිබේ දහසේ ව්‍යාජ නෝට්ටු පනහක් පමණ මුද්‍රණය කළ බව සැකකරු පොලිසියට ප්‍රකාශ කොට ඇත
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි
එක් පුද්ගලයෙකු වෙළඳසැල් වලට ගොස් රුපියල් පන්දහසේ නෝට්ටු ලබාදී රුපියල් 500 ක ටත් වඩා අඩු මුදලක් වටිනා භාණ්ඩ මිලට ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම වෙළඳසැල් හිමියන් සැලකිලිමත් වී ලබාදුන් පන්දහසේ නෝට්ටුව පිළිබඳ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම විමර්ශනය සිදු වූ බව දැනගන්නට තිබේ.
සැකකරුගේ නිවෙස පරික්ෂා කිරීමේදී එම නිවසේ වැසිකිළිය තුළ සඟවා තිබූ තවත් ව්‍යාජ 5000 නෝට්ටු  හතළිහක් සොයා ගැනීමට ද පොලිසිය සමත්ව ඇත

Exit mobile version