අරුන්දික ප්‍රනාන්දුගෙන් ඒඑස්පී එරික්ට යළිත් ලෙඩක්!

ඇමතිට යවපු ලිපිය ආපසු ඒ.එස්.පී අතට පැමිණි හැටි ගැන සොයන්න

වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු නිලධාරියාගේ  ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඔහුගෙන් එම ප්‍රදේශයේ ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශෂණයක් පවත්වන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතාට යැවූ යැවූ ලිපිය අදාළ පොලිස් නිලධාරියාගේ අතට යළි පත් වූ ආකාරය සහ එම නිලධාරියාගේ ෆේස්බුක් ගිණුමට ගිය ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු  අද (08)  පාර්ලිමේන්තුවේදි ඉල්ලා සිටියේය.

තම ප්‍රදේශයේ සුළු නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා ක්‍රියා කරන ආකාරය බරපතල බවත් එයින් සිදුවන අසාධාරණකම් පිළිබඳව නිසි විමර්ශණයක් පවත්වන ලෙස තමන් අමාත්‍ය වීරසේකරගෙන් ඉල්ලා සිටි බවත් පසුගිය දෙසැම්බර් මාසයේ යැවූ එම ලිපිය පොලිස්පතිවරයා හරහා පොලිසියේ නිලධාරීන් හරහා අදාළ චෝදනා ලද නිලදාරියා අතට යළි පත්වීම තමන්ට ප්‍රශ්නයක් බව ද අරුන්දික ප්‍රනාන්දු මහතා එහිදී සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තවදුරටත් ඔහු සඳහන් කළේ මෙම පියවර හේතුවෙන් තමන්ට මෙරට මුද්‍රිත ඉලෙක්ට්‍රොනික සහ සමාජ මාධ්‍යවලින් බරපතල අපහාසයන්ට ලක් වන්නට සිදුවූ බවය. තම ප්‍රදේශයේ ජනතාව රජයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්නයක් පැමිණි විට එය ඉහළට දැන්වීම යුතුකමක් බවත් තමන්ට එය ඉහළට දැන්වීම හැරෙන්නට නිලධාරී මර්දනයක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතවක් නොවූ බවද පැවවූ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයෙන් තමන් අපහසුතාවට පත් වන ආකාරයට ඇමතිවරයාට යැවූ ලිපිය පොලිසිය හරහා මෙම නිලධාරියාගේ අතට පත්වීම පිළිබඳව මෙසේ පරීක්ෂණයක් සිදු කරන ලෙස සඳහන් කර සිටියේය.


 

Exit mobile version