අර්බුදය තැපෑලත් අවතැන් කරයි… හෙටයි අනිද්දයි තැපෑලට නිවාඩු… ග්‍රාමීය උප තැපැල් කාර්යාල මාසයක් වසයි…

පවතින අර්බුදය හමුවේ  රටේ සියලුම තැපැල් කාර්යාල හෙට (24 ) සහ අනිද්දා (25)  වසා තබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

වර්තමානයේ රට තුල උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද ( 23) දින  ජනමාධ්‍ය අමාත්‍යාංශ කෙම්වරයාගේ එකඟත්වය මත චක්‍රලේඛයක් නිකුත් කරන තැපැල්පතිවරයා මේ බව දන්වා ඇත.

තැපැල් කාර්යාල මජනතාව වෙනුවෙන් විවෘතව තබන වෙලාව  පෙරවරු 09 සිට සවස 3 තෙක් සීමා කර ඇත.

බෙදීම් රහිත සාපේක්ෂ ආදායම් අඩු උප තැපැල් කාර්යාල මාසයක කාලයක් තුළ තාකාලිකව වසා දමා එම උප තැපැල්කාර්යලවල සේවා කටයුතු පාලන කාර්යාලය වෙත අනුයුක්ත කිරීමට ද මෙම චක්‍රලේඛයෙන් දක්වා ඇත.


එමෙන්ම  සේවා ස්ථානයට කිලෝ මීටර විස්සක් දුරින් සිටින ප්‍රවාහන අපහසුකම් ඇති  සේවකයින්ට තමන්ගේ ඉල්ලීම මත මාසයක කාලයක් තුළ ආසන්නම තැපැල් කාර්යාලයට සේවයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය පහසුකම්   සැපයීමට තීරණ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම චක්‍රලේඛය මෙම දිගුවෙන්  දැක්වේ. තැපැල් චක්‍රලේඛය

 

 

Exit mobile version