අර්ජුනත් තනතුර අත්හරී… වැඩපිළිවෙළක් නැති තැනක තනතුරු මොකට ද?…

ඔබ කැමති වෙනත් සුදුසු කෙනෙකුට ජ්‍යෙෂ්ඨ උප සභාපතිකම දෙන්න ... අර්ජුණ ලිඛිතව රනිල්ට දන්වයි

තමන්ට යෝජනා කර ඇති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය භාර නොගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග ඊයේ  (27) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනවුයේය.

රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසීමට තවමත් එ.ජා.ප.ය  අපොහොසත් වීම නිසා මෙවැනි තීරණයක් ගැනීමට තමන්ට අකමැත්තෙන් වුවද සිදු වූ බව  අර්ජුණ රණතුංග එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

2020 මහා මැතිවරණයෙන් එකම මන්ත්‍රී ආසනයක්වත් ජයග්‍රහණය කරගත නොහැකිව එජාපය අන්ත පරාජයකට පත් වුවත් තමන් පක්ෂයේ රැඳී සිටීමට තිරණය කළේ ප්‍රමාද වී හෝ පක්ෂය හා රට ජයග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙළක්  හෝ සැලසුමක් සකසනු ඇතැයි යන විශ්වාසය මත බවත් අවාසනාවකට හෝ එවැන්නක් මෙතෙක් සිදු කිරීමට පක්ෂ නායකත්වය හෝ පක්ෂය තීරණය කර නොමැති බවත්  අර්ජුණ රණතුංග එම ලිපියෙන්  දන්වා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පක්ෂය ඉදිරියට ගෙන යෑම සඳහා සාධනීය වැඩපිළිවෙළක් සංවිධානයක් නොමැති පසුබිමක  ජ්‍යෙෂ්ඨ උපසභාපති වැනි ධුර භාර ගනිමින් කල් මැරීමට තමන් කිසිසේත් බලාපොරොත්තු නොවන බව පෙන්වා දෙන අර්ජුණ රණතුංග තමන් වෙත යෝජනා කර තිබෙන ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය භාර නොගන්නා බව  රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබේ.

Exit mobile version