අය වැය විවාදය 18 දා ඇරඹෙයි…

අද  (11) රැස්වූ පක්ෂ නායනයින් ගේ රැසවීමේ දී  2021 අයවැය විවාදය මෙම 18වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමට තීරණය කර ඇත.

21,  29 සහ 05 වැනිදා යන සෙනසුරාදා දින තුන ද විවාදය පවත්වන දින 19 ට ඇතුළත්වේ.

මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ 17 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව ඉදිරිපත් කරනු ලබයි.  අයවැය දෙවනවර කියැවීමේ විවාදය 18 වැනිදා සිට දින හතරක් පවත්වන අතර 21 සෙනසුරාදා දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම සිදුකෙරේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය  23 වැනිදා සිට දෙසැම්බර් 10 දක්වා දින 15 ක් පැවැත්වේ. 10 වැනිදා සවස අයවැය අවසන් ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

Exit mobile version