අය වැයට පෙර බැසිල් රනිල්ව හමුවී වරයක් ඉල්ලයි!

බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හදිසි හමුවක් 07 රාත්‍රියේ පවත්වා ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (08) දිනයේ පැවැත්වූ  අය වැය  අවසන් ඡන්ද විමසුම සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානම  සම්බන්ධව එහිදී  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව එම ආරංචි මාර්ග තහවුරු  කරයි.

තමන් අය – වැය ජයග්‍රහණය වෙනුවෙන් සියලුම තත්ත්වයන් සම්පාදනය කර තිබෙන පසුබිමක පොහොට්ටුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙත එනවා යැයි කියන මන්ත්‍රීවරුන් සම්බන්ධව ගන්නා පියවර කුමක් දැයි බැසිල් රාජපක්ෂ මෙහිදී රනිල් වික්‍රමසිංහගෙන් විමසා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට පැතිරී යන ආරංචිය වූ  පොහොට්ටුවෙන් එන මන්ත්‍රීවරුන් සඳහා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධූර ලබා දෙන බවට පලවන ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය කුමක් දැයි එහිදී බැසිල් රනිල්ගෙන් අසා ඇත.


ආරංචි මාර්ග ප්‍රකාරව ජනාධිපතිවරයා පවසා ඇත්තේ පොහොට්ටුවේ කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට පැමිණීම සඳහා විමසා ඇති බවය.

මේ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ එසේ පැමිණෙන මන්ත්‍රීවරුන් සඳහා ආසන සංවිධායක ධූර ලබා දීම ගැටලුවක් නොවුනත් ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නොදී පොහොට්ටු මන්ත්‍රීවරුන් ලෙසම පවත්වා ගන්නා ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධව ජනාධිපතිවරයා නිශ්චිත පිළිතුරක් ලබා දී නැතත් උද්ගත වී ඇති  තත්ත්වය තුළ පොහොට්ටු  මන්ත්‍රීවරුන්ගේ එක්සත් ජාතික පක්ෂ ආගමනය වැළකීමේ ඉඩක් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Exit mobile version