අයි.එම්.එෆ් වාර්තාව සම්බන්ධව රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! ඉල්ලූ විවාදය ලැබෙයි…

අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳ නිකුත් කර ඇති  වාර්තාව පිළිබඳව වහාම පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ කතා නායකවරයාගෙන් කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය පිළිගෙන  තිබේ.

අද පෙරවරුවේ ඉල්ලීමක් කරමින් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේ     රටේ මුදල් බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් ගන්නා පියවරක්   ගත යුත්තේ පාර්ලිමේන්තුව දැනුම්වත් කිරිමෙන් පසුව බවය.

මේ අසීරු අවස්ථාවේ රජය ගන්නා තීරණ පිළිබඳව දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බැවින් දැන්වත් රජය විවෘතව කටයුතු කළ යුතුව ඇතැයි ඔහු  පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට ප්‍රතිචාර ලබා දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මීලඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී  ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට තිරීනය කර ඇති බව ප්‍රකාශ කර ඇත.

 

Exit mobile version