අයිස් සමග වැටුණු වැහි කුණාටුවෙන් මුලතිව් නිවාස 80ක් කැඩෙයි…

දිනසේන රතුගමගේ-

අයිස් කැට ඇද හැලී ඇති අයුරු

වර්ෂාවත් සමගම මුලතිව් ප්‍රදේශයේ ස්ථාන කීපයකට  31 දා සවස අයිස් කුට්ටි කඩා වැටෙද්දී මුලතිව් පළාතේ තවත් ගම්මාන කීපයක හා වවුනියාවේ නිවාස අසූවක් පමණ කැඩී බිදී ගොස් තිබේ.

වවුනියාවේ ගණේෂපුරම් ප්‍රදේශයේ පමණක් නිවාස 37 ක වහල ගැලවී ගොස් තිබේ.

ඊට අමතරව වවුනියාවේ හා මුලතිව් ප්‍රදේශ වල ස්ථාන කීපයක නිවාස හතළිහක පමණ වහලවල් ගැල වී ගොස් තිබේ.


වර්ෂාව සමග හමා ගිය දැඩි සුළග හේතුවෙන් නිවාස වල වහලවල් ගැලවී යාමට අමතරව කෙසෙල් පොල් වැනි වගාවල් රැසකටද හානි සිදුව තිබේ.

මුලතිව් මුල්ලිවයික්කාල් මල්ලාවි ඇතුළු ප්‍රදේශ කීපයකට වර්ෂාව සමග අයිස් කැට පතිත වූ බව මුලතිව් වැසියෝ කියා සිටියහ.

සුළග හේතුවෙන් ගස් කඩා වැටී මුලතිව් ප්‍රදේශයේ අතුරු මාර්ග දෙකක ගමනා ගමන කටයුතු අඩාල වී තිබේ.

වහලවල් ගැලවී ගිය නිවාස වල ජීවත් වූ වැසියන්ගේ භාණ්ඩ වැසි ජලයට තෙමී ගොස් ඇති අතර පාසල් ළමුන්ගේ පොත් පත්ද වැසි ජලයට හසු වී ඇති අයුරු දක්නට ලැබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂාවට පෙර හා වර්ෂාව පැවති අවස්ථාවේදී අකුණු රැසක් පුපුරා ගොස් ඇතත් ඉන් කවරෙකුටවත් හානි සිදුව නොමැත.

Exit mobile version