අයිස් මිල වැඩි වීම නිසා දකුණේ ධීවරයන් අසරණ වෙලා

ලලිත් චාමින්ද

අයිස් මෝල් හිමියන් විසින් දකුණු පළාතේ ධීවර කාර්මිකයන් සඳහා කිලෝ 50කින් යුතු අයිස් හොන්ඩරයක් රුපියල් 560ක මුදලකටත් වෙන්නපුව, මීගමුව ප්‍රදේශවල ධීවරයන් සඳහා අයිස් හොන්ඩරයක් රුපියල් 350ක මුදලකටත් අලෙවි කිරීම නිසා දකුණු පළාතේ ධීවර කාර්මිකයන්ට දැඩි අසාධාරණයක් වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ධීවර සමුපාකාර සමිතියේ  සභාපති පී.බී. ගාමිණි පවසයි.

අයිස් මෝල් හිමියන් විසින් එකම රටේ මිල ගණන් දෙකක් යටතේ ධීවර කාර්මිකයන්ට අයිස් කැට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් මේ පිළිබඳ ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් දැනුවත් කළද ඉන් කිසිදු ප්‍රතිපලයක් අත්විඳ නොමැති බවද පී.බී.ගාමිණි පවසයි. මේ පිළිබඳ අදහස් දක්වමින් පී.බී. ගාමිණි මෙසේද කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේම ඉන්නේ අයිස්මෝල් හිමියන් 11යි. ධීවර කාර්මිකයන් ලක්ෂ ගණනක් ඉන්නවා. නමුත්  මේ ප්‍රශ්නයේදී  නිලධාරීන් අරගෙන තියෙන්නේ  අයිස් මෝල් හිමියන්ගේ පැත්ත. ධීවරයන් වෙනුවෙන් නිලධාරීන් පෙනී ඉන්නේ නැහැ. නිලධාරීන් අයිස්මොල් හිමියන්ට කඩේ යනවා.  මේ පිළිබඳ  අයිස්මෝල් හිමියන් සමඟ සාකච්ඡාවක් සංවිධානය කරලා තිබුණා. නමුත් අයිස්මෝල් හිමියන් ආවේ නැහැ. බහුදින යාත්‍රාවකට එක් ගමන් වාරයක් සඳහා අයිස් කිලෝ 300ක් 400ක් විතර යනවා. තෙල් ලීටර් 5000ක් විතර  6000ක් විතර යනවා. තෙල්වලට පමණක්  ලක්ෂ 17ක මුදලක වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා. එක් ගමන්වාරයක් සඳහා බහුදින යාත්‍රාවකට රුපියල් ලක්ෂ 20ක මුදලක් වැයවෙනවා. තෙල් මිලත් වැඩිකොට තිබියදී අයිස් මිලත් වැඩිවීම නිසා දකුණු පළාතේ ධීවර කාර්මිකයන්ට දැඩි අසාධාරණයක් වී ඇති බවද පී.බී ගාමිණි වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version