අයවැය යෝජනා: විශ්‍රාම ගැන්වෙන වයස ගැහැණු- පිරිමි දෙපාර්ශ්වයටම සමාන කෙරේ

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වෙන වයස ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අවුරුදු 60ක් ලෙස සමාන කිරීමට 2021 අයවැය යෝජනාවේ දැක්වේ.

ඊට හේතුවී ඇත්තේ පිරිමින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 ලෙසත් ගැහැණුන්ගේ එම වයස අවුරුදු 55 ලෙසත් සටහන් වුවද ආයු අපේක්ෂාව අතින් ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වීම බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපළ ණය සඳහා පොලී අනුපාතය 7% දක්වා අඩු කෙරේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට අයවැයෙන් යෝජනා කර ඇත.

Exit mobile version