අඹන්පොල මාරක අනතුරක්… මරණ 02යි… තවත් 03කට බරපතලයි…

And three seriously injured

අද (10)  අළුයම 02:45 ට පමණ අඹන්පොල නගරයේ සිදුවූ බස් රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි. තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

බස් රථයේ ගමන් කළ පිරිස තඹුත්තේගම තලාව මහවැලි ගම්මානයේ පදිංචි පිරිසකි. ඔවුන් ඊයේ දින කූරගල  වන්දනා කිරීමට ගොස් ආපසු එමින් සිටිටදී මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙම පිරිස රැගත් බස්රථය අඹන්පොල නගරයේ නවතා තිබූ කන්ටේනර් එකක වැදී අනතුර සිදුව තිබේ. අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවට  පොලීසිය සැක පහළ කරයි.

අනතුරින් තුවාල ලැබූ සිසු පිරිස අඹන්පොල ගල්ගමුව හා කුරුණෑගල රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරින් බස් රථය ඉදිරි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අනතුර සිදු වූ ස්ථානයේ ම එක් අයෙක් මිය ගොස් සිටි බවට අනතුර ඇසින් දුටුවෝ පවසති.

Exit mobile version