අඹන්පොල ග්‍රාම නිලධාරී ඝාතනයේ සැකකරුවන් 02ක් හඳුනා ගනී…

Sapukumara

කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කළ අඹන්පොල ග්‍රාම නිලධාරී සපුකුමාර

අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරීවරයා කපා කොටා ඝාතන සිද්ධියට සම්බන්ධ නඩුව මහව ප්‍රධාන මහේස්ත්‍රාත්  නුතිනන් සිරිවර්ධන   හමුවේ කැඳවූ අවස්ථාවේ දී දැනට අත්අඩංගුවට ගෙන   රිමාන්ඩ් භාරයේ සිටින සැක කරුවන් දෙදෙනෙක් විවෘත අධිකරණයේ දී හඳුනා ගැනීමට සාක්ෂි කරුවෝ සමත් වූහ.

හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී මෙසේ හඳුනාගනු ලැබුවේ  ජේ කේ ටෙක්සි ඩෙනිස් සහ   සමිත් ඉදුරංග  යන සැකකරුවන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව සියලු සැකකරුවන් මේ මස 26 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


Exit mobile version