අඹන්පොල ආසාදිත මාළු වෙළෙන්දන්ගේ ආශ්‍රිතයන් 35කින් 10කට කොරෝනා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඹන්පොල නගරයේ මත්ස්‍ය වෙළෙන්දන් 2ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමග කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 35ක  වාර්තා  මීට   ස්වල් වෙලාවකට පෙර  නිකුත් වූ අතර එම වාර්තා  අනුව තවත් ආසාදිතයන් 10 දෙනෙක් වාර්තාවන බව අඹන්පොල ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය අංශ ලංකාසරට හෙළි කළේය. 
මෙම මාළු වෙළෙන්දන් දෙදනා හමුවීමත් සමග අඹන්පොල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ආශ්‍රිතයන් 80ක ගේ නියැදි පී.සී,ආර් පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීය.
ආසාදිතයන් 10 දෙනා හමුවන්නේ ඉන් සාම්පල 35කිනි.
තවත් සාම්පල 45ක වාර්තා නිකුත් වීමට ඇති බව අඹන්පොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේය.

Exit mobile version