අම්බානිව පරදා ආදානි ආසියාවේ ධනවතා වෙයි…

මෙතෙක් ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස විරුදාවලිය ලත් මුකේෂ් අම්බානි අභිබවා යමින් ගෞතම් ආදානි ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

මෙම වසර තුල අම්බානි ඇමරිකානු ඩොලර් බිලියන 14.3ක ධනයක් රැස් කර ඇති අතර ආදානි එම කලය තුල ඇමරිකානු ඩොලර් බිලියන 55කි ඉහළ ගොස් ඇත.

ආදානි සමූහයේ කොටස් වටිනාකම ඉකුත් බදාදා ඉහළයාමක් වාර්තා වූ අතර අම්බානිට අයත් රිලයන්ස් සමූහයේ  කොටස් වටිනාකම පහළ ගොස් ඇති බවට වාර්තා වේ.


ඒ අනුව අම්බානි පසු කරමින් ආදානි හට ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමේ හැකියාව ලැබී තිබේ.

මේ අතර ගතවූ මාස 20ක කාලය තුල අදානි සතු වත්කම් සියයට එක්දහස් අටසියයකින් ඉහළ ගොස් ඇති අතර අම්බානි සතු වත්කම් ඉහළ ගොස් ඇත්තෙ සියයට දෙසිය පනහකින් බවට අනාවරණය වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කිරීමට ආදානි සමූහය විසින් පසුගියදා ආයෝජන කරනු ලැබීය.

Exit mobile version