අම්පාරේ මියගිය මොළයේ දිලීර ආසාදිත කොවිඩ් රෝගියා නිසා වෛද්‍යවරු කැලඹෙති

ampara hospital

අම්පාර රෝහලේ මිය ගිය කොවිඩ් මරණ අතර ඊයේ (16) මොළයේ දිලීර ආසාදනයක් සහිත රෝගියකු සිට ඇති බව වාර්තා වේ. 36 හැවිරිදි තරුණයකු වන මෙම කොවිඩ් ආසාදිත රෝගියා මෙනින්ජයිටිස් රෝග ත්ත්ත්වයෙන් පෙළුණු අතර ඊට හේතුව දිලීර ආසාදනයක් බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබේ.

මේ පිළිබඳව වෛද්‍යවරුන්ගේ විශේෂ අවධානයක් මේ වනවිට යොමුව ඇති අතර ඊට හේතුව වන්නේ මේ දිනවල ඉන්දියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් අතර මියුකොමයිකෝසිස් (Mucormycosis) නම් දිලීර ආසාදන තත්ත්වය ව්‍යාප්ත වීම දැකිය හැකි ව තිබීමය.

මෙම ආසාදනය හේතුවෙන් ඇතැම් රෝගීන්ගේ ඇස් අන්ධ වී ඇති අතර එය මොළය දක්වා ව්‍යාප්ත වීම වළකාලිමට දෑස් ඉවත් කිරීමේ සැත්කම් පවා සිදු කොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිතව නියුමෝනියා තත්ත්වයට ගොදුරු වූ රෝගීන් කිහිප දෙනකුගේද දිලීර ආසාදන ඊට හේතු වී ඇති බවට හඳුනාගෙන ඇති අතර මේ පිළිබව තවදුරටත් වෛද්‍ය පරීක්සණ සිදු කෙරන බව වෛද්‍ය ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Exit mobile version