අමනුස්ස සමාජයක යළි යළිත් දිදුලන ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ මනුස්සකම

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මානික්කවාසගර් ඉලන්චෙලියන් යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කරමින් සිටියදි ඔහුව ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ සිව්වෙනි වසරේ දානමය පිංකම විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් හලාවතදී ඊයේ ( 22 ) සිදු කෙරුණි.

මියගිය පොලිස් සැරයන්වරයාගේ ඡායාරූපයට පහන් දල්වා ඔහුගේ සොහොන ඉදිරියේ ද ආගමික වතාවත් ඉටු කළ ඉලන්චෙලියන් විනිසුරුවරයා පවුලේ පිරිස සමග දානමය පින්කමට සහභාගී වී තිබේ.
පොලිස් සැරයන්වරයා මියගිය පසුව ඔහුගේ දරුවන් දෙදෙනාට පියෙකු මෙන් සලකන මෙම විනිසුරුවරයා ඔවුන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු පිළිබඳවද සොයා බලයි.
2017 ජූලි 22 දින යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වූයේ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමිනි.

පොලිස් සැරයන්වරයා මියගිය දිනයේදී ඔහුගේ බිරියගේ දෙපා නැමද සමාව ඉල්ලීමට තරම් සංවේදී වූ මෙම නිහතමානී ඉලන්චෙලියන් මහාධිකරණ විනිසුරුවරයා දැනට ත්‍රිකුණාමළයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කරනු ලබයි.

Exit mobile version