අභයාරාමයේ එන්නත්කරණය වැඩසටහන කළේ ඇමතිවරියගේ පූර්ණ අනුග්‍රහයෙන්…

ලිඛිතව අනුමැතියත් ගත්තා.. දන්නෙ නැතැයි ඇමතිවරිය කියන්නෙ දැඩි මානසික පීඩනය නිසා විය හැකියි. -ආනන්ද හිමි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාරාහේන්පිට අභයාරාමය විහාරස්ථානය තුළ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූයේ අගමැති මහින්ද රාජපක්ෂගේ සහ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ පූර්ණ අනුමැතිය හා අනුග්‍රහය මතය යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවදාරනය කළහ.

අභයාරාමය තුළදී එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් විශාල වශයෙන් කරන ලද ඉල්ලීම්වලට අනුව මෙම එන්නත්කරණ වැඩ සටහන ආරම්භ කිරීමට අගමැතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිනියගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බව උන් වහන්සේ පැවසූහ.

එසේ කරන ලද ඉල්ලීම්වලට අනුව වසංගත රෝග විද්‍යා අංශයෙන් පුද්ගලයින් 400 දෙනෙකුට ලබා දිය හැකි එන්නත් මාත්‍රා ලබා දීමට ඇමතිනිය කටයුතු කළ බවත් එය සෞඛ්‍ය ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා පැහැදිලිවය දන්නා බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

කෙසේ නමු ත් අභයාරාමයේ ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩ සටහන සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව සිදු වූ බව ඇමතිවරිය කීම පුදුමයට කරුණක් බවත් ඇය දැඩි මානසික පීඩනයට සිටින බැවින් මෙවැනි දෑ ප්‍රකාශ කරනවා විය හැකි බවත් ආනන්ද හිමියෝ සඳහන් කළහ.

කෙසේ නමුත් මෙම එන්නත්කරණ වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා විහාරස්ථානයෙන් පිටත සිට අසත්‍ය ප්‍රචාරණයන් කළ පුද්ගලයින් ගමේ අය නොවන බවත් විහාරස්ථානයේ සීසීටීවී උපයෝගී කරගෙන ඔවුන්ව හඳුනා ගැනීමට කටයුතු කරන බවත් ආනන්ද හිමියෝ කීහ.

වෛද්‍යවරුන්ගේ දෙමාපියන්ට එන්නත් මාත්‍රා 13000ක් හොර රහසේ නිකුත් කිරිම සම්බන්ධයෙන් ඇමතිවරියා මුණිවත රැකී අතර ලිඛිතව සෞඛ්‍ය අංශ දැනුවත්කරමින් ලබා ගත් එන්නත් මාත්‍රා 400ක් ගැන ඇමතිවරිය නොදන්නා බව මාධ්‍යයට කීම පුදුමයට කරුණක් යැයිද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.


Exit mobile version