අපේ රටේ කොවිඩ් ප්‍රභේදයෙන් නව ප්‍රභේද ඇතිවීමේ අවදානමක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට දරුණු ලෙස ව්‍යාප්ත වන B 117 (ඇල්ෆා) ප්‍රභේදය මගින් නව ප්‍රභේදයන් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

කොවිඩ් නව ප්‍රභේදයන් කවරේද යන්න පිලිබඳව ජාන විශ්ලේෂණ පර්යේෂණ නොකඩවා සිදුකරමින් සිටින බවත් මෙම පරික්ෂණයන් මගින් මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයන් මුලුමනින්ම හඳුනා ගත නොහැකි බවත් ඔහු පෙන්වාදේ.

එයට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ තම පර්යේෂණාගාරයට ලැබෙන නියැදි ඉතා සීමිත වන බැවින් එසේ ලැබෙන නියදිය පමණක් පර්යේෂණය සිදුකර ඉන් තහවුරු වන නව ප්‍රභේදයන් ගැන පමණක් ප්‍රකාශ කළ හැකි නමුත් රට පුරාම සිටිනා ආසාදිතයින්ගෙන් ලබා ගන්නා නියැදි පරික්ෂාවට ලක්කිරීමේ හැකියාව තම පර්යේෂණාගාරයට නොමැති බවත්ය.

මෙම පරික්ෂණය සඳහා නියැදි 96ක් යොදා ගත් අතර ඉන් පර්යේෂණය සදහා සුදුසු වූයේ නියැදි 85ක් පමණක් යැයිද ඔහු පැවසීය.

Exit mobile version