අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය ලේකම්වරයා විසින් නම් කළ පුද්ගලයාට

අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ලේකම් විසින් ඉදිරිපත් කරන පුද්ගලයාව නම් කරන මෙන් නීතිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයා වෙත උපදෙස් දී තිබේ.

නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය වෙනුවෙන් නම් කීපයක් ඉදිරිපත් වී ඇති නිසා නිර්මාණය වුණු ගැටලුව නිරාකරණය කරගැනීමට මැතිවරණ කොමිසම නීතිපති උපදෙස් පැතූ අවස්ථාවේ දී ය.  නීතිපතිවරයා උපදෙස් දී  ඇත්තේ ලේකම්වරයා විසින් නම් කරන පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර සඳහා තෝරා ගැනීමේ දී කිසිම නෛතික ගැටලුවක් මතු නොවන බවය.

එහෙත් මේ තීන්දුවට එරෙහිවන අතුරලියේ රතන හිමියන් පවසන්නේ තමන් නම් කරන පුද්ගලයෙක් මිස වෙනත් අයෙක් පක්ෂයේ ලේකම්වරයාට නම් කළ නොහැකි බැවින් මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පවසා සිටියේ මේ අධිකරණවල රස්තියාදු වෙවී විසඳාගත යුතු ගැටලුවක් නොව, සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් බවය.  මන්ත්‍රිකම් තිබුණත් නැතත් රටට වැඩ කරන බවත්, මෙතෙක් කල් රටට වැඩ කළේ මන්ත්‍රීකම් සහිතව නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

Exit mobile version