අපේ කර්මාන්තවලට විදුලියෙන් තැනක් දෙන්න ඩලස් -විමල් කතා බහක

මෙරට විදුලිය බෙදාහැරිම් පද්ධතියේ ප්‍රයෝජනය සදහා අවශ්‍යවන පරිවාරක උපාංගයන් දේශීයව නිපදවීමේ හැකියාව පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක්, අද (16) පෙරවරවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ බෙදාහැරීම් පද්ධතියේ කටයුතු වෙනුවෙන් අවශ්‍යවන පරිවාරක ( Insulators ) දේශීය නිෂ්පාදනය කිරීම පිළිබදව මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිනි.

මෙම උපකරණ මෙරටට ආනයනය කිරීම සඳහා මේ වනවිට විශාල මුදලක් වැයවන අතර එම තත්ත්වයට පිළියමක් වශයෙන් මෙන්ම දේශීය කර්මාන්ත නගාසිටුවීමේ රාජ්‍ය ප්‍රථිපත්ති අනුව, අදාළ උපකරණ දේශීය කර්මාන්ත කරුවන් වෙතින් නිපදවාගත හැකි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළේය.


මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ, විදුලි උපාංග නිපදවීම දේශීය වශයෙන් සිදුකිරීමට සිය අමාත්‍යා‍ශයේ පූර්ණ අනුග්‍රහය ලබාදිය හැකි බවයි.

ඒ අනුව අදාළ උපකරණ දේශීයව නිපදවීම සම්බන්ධයෙන් කරුණූ සොයා බැලීමට විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා සෙරමික් ආයතනය නියෝජනය වන පරිදි සය පුද්ගල කමිටුවක් පත්කල අතර අදාළ කමිටු වාර්තාව මසක් ඇතුලත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කමිටු වාර්ථාව ලැබීමෙන් පසු අදාළ උපාංගයන්ගේ සාම්පල පරීක්ෂා කර, එහි සාර්ථකත්වය මත නියමිත තාක්ෂණික පිරිවිතරයන්ට අනුව විදුලිබල උපාංගයන්ගේ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීම පියවර ගන්නා බව මෙහිදී විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version