අපේ උදාර අරමුණ දූෂණය වුනා… අඬන්න තරම් දුකයි… අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී  කියති…

දැන් රටේ ලෝකයේ මිනිසුන් තමන්ට බනිමින් සිටියත් රසායනික ගොවිතැතන පැය 24න් කළහැකි බව තමන් ඇතුළු කිසිවෙක් නොකී බවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාව රැගෙන එන තුරු තමුන් මේ කිසිම දෙයක් නොදැන සිටි බවත් අතුරලියේ රතන හිමියෝ අද පාර්ලිමේන්තුවේ දී කීහ.

වසවිසෙන් තොර ගොවිතැනක් සඳහා ඉතා විශාල කැපකිරීමක් කළ තමන්වහන්සේ මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ කමිටු 2ටම නම් නොකළ බවත්, අරමුණ පාරිශුද්ධ වුවත් දැන් ඒ සංකල්පය දූෂණය වී ඇති බව උන්වහන්සේ කීහ.

“ කාබනික ගොවිතැන අපි කවුරුත් පැය 24න් කරන්න පුලුවන් කියලා කව්වෙ නෑ. ජනධිපති කැබිනට් පත්‍රය දානකම් අපි දැනගෙන හිටියෙ නෑ මේ සිද්ධ වෙන්න යන කටයුත්ත ගැන. එතුමා එය දැම්මට පස්සේ එය සාර්ථක කරගන්න කළ හැකි හැම දෙයක්ම කළා.


මුලින්ම ජනාධිපතිවරයා කාබනික ගොවිතැන ක්‍රියාත්මක කරන්න 45ක කමිටුවක් පත් කළා. ඒ කමිටුව කවදාවත් රැස් වුනේ නෑ.  ඉන් පසුව එයින අඩක් අඩු කරලා 22ක කමිටුවක් පත් කළා. ඒ කමිටුවත් එක දවසක්වත් රැස් වෙලා නෑ,

වල් මර්ධනය හා පොහො නිශ්පාදනය යටතේ විශේෂඥ  කමිටුවක් පත් කරනවා වෙනුවට  පොහොර නිශ්පාදනය කරන  බිස්නස් කාරයො එක්ක සාකච්චා කළා.  ඔවුන් කරන්නෙ ව්‍යාපාරයක්. ජාතික කටයුත්තක් කරන්න එහෙම බෑ, අපි දිවි හිමියෙන් කැප කිරීම් කරලා ප්‍රාර්ථනා කරපු අරමුණක් මේක.

ජනාධිපතිවරයා විටින් විට කරන දැඩි ප්‍රකාශ ඒ  ස්ථාවරය අගය කරනව. නමුත් ඒ අරමුණ ට යන්නෙ කොහොම ද, ඒ වැඩපිළිවෙළ කරන්නේ කොහොමද  කියලා වැඩ පිළිවෙළක් නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතා උදාර අරමුණක් දූෂණය වීම ගැන අඩන්න දුකයි. මහින්දානන්ද අමති තුමනි.  ඔබතුමා ජනාධිපති තුමා දුන්න සංකල්පය  ක්‍රියාත්මක කරන්න පුදුමාකාර විදිහට කැප වුනා. ගුටි කෑවා. නමුත් අරමුණ සාර්ථක කරගන්නෙ නැතිව  ගුටිකාලා මැරෙන්න ඕන නෑ,

Exit mobile version