“අපේ අයිය හිරේ දාලා, ප්‍රජා අයිතිය නැති කරල බලමු”- ඩඩ්ලි සිරිසේනගෙන් ආණ්ඩුවට අභියෝගයක්

“ඒකාධිතිපත්වය සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි.මගේ සාර්ථකත්වයටත් එය බලපෑවා. කවුද ඒකට කැමති නැත්තේ. රටේ ඒකාධිපති නායකත්වයක් තියෙනවා නම් එය රටට යහපත් පැත්තට මෙහයවනවා මිසක් තමන්ගේ යපත වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක නොවිය යුතුයි.

නමුත් අද වෙන්නෙත් ඒකයි. අපේ රටේ සෑම නායකයෙක්ම කටයුතු කළේ එයාලාගේ යහපත වෙනුවෙන්. තමන්ට අභියෝගයක් තියනවා නම් ඒ මිනිහා හිරේ දානවා. ප්‍රජා අයිතිය අහෝසි කරනවා. දැන් වෙන්නෙත් එහෙමනේ. අපේ අයියට කරන්න හදන්නේ. කරල බලමු.“ යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොයුරු අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන අභියෝග කරයි.

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ “ටෘත් විත් චමුදිත“ යූ ටියුබ් සාකච්ඡාවට සහභාගී වූ ඩඩ්ලි සිරිසේන පැවසුවේ පාස්කු කොමිසමට දඬුවම් කරන්න පුළුවන් බව තමන් දන්නා බවත් පාස්කු ප්‍රහාර සිද්ධියට තම සොයුරු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා නම් ජේ.ආර් ගේ සිට සියලු නායකයන්ගේ ප්‍රජා අහෝසිය කළ යුතුව තිබු බවද පැවසීය.


ඔහුට එවැනි දෙයක් කළොත් ඉන්න සහ ඉදිරියට එන සෑම ජනාධිතිවරයකුම ඒ ඉරණමට යන්න සූදානම්ව සිටිය යුතු බව ද ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේ අයියාව කොටු කරන්න ඉන්න බවක් පේනවා ඒක අනිවාර්යයි. කොටු කිරීම් ක් ඉන්න බව පේනවා. ඒක අනිවාර්යයි. අයියාගේ ක්‍රමේ වැරදියි කියලනේ අපි මේක වෙනස් කළේ. අපිත් ඡන්දේ දුන්නේ මේ අයට. දේශපාලඥයින්ගේ අයියත් එක්ක එක් කරන්නේ නෑ. නමුත් අද බලාපොරොත්තු වුණු දේ සිදුවෙන්නේ නෑනේ. දේශපාලඥයින්ගේ අවසානයක් වෙනුවෙන් මේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය පැමිණිලා ඉවරයි. රටේ නායකයා ගෝඨාභය ජනාධිපතිවරයාට දුන්නේ, තුනෙන් දෙකේ බහුතරයක් තියන පාර්ලිමේන්තුවක් දුන්නේ රටේ නායකත්වය දීල ආර්ථිකයට සහය දීල රට ගොඩ ගන්න.නමුත් එහෙම වෙන්නේ නෑ අපි බලාපොරොතතු වුණු ප්‍රතිඵලය වෙන්නේ නෑනේ. ජනාධිපතිව

Exit mobile version