අපේක්ෂා රෝහලේ හෙදියන් විකිරණශීලී බංකරයක සිර කළ විකිරණ ශිල්පීන් 02 අත්අඩංගුවට

සමන්තිකා වීරවර්ධන –                                           

මහරගම අපේක්ෂා රෝහලේ  ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලි බංකරය තුළ (බැකී තෙරපි අංශය)   තරුණ හෙදියන් දෙදෙනෙකු සිරකර  කළ  විකිරණ ශිල්පීන් දෙදෙනා මහරගම පොලීසි විසින් අද (22) අත්අඩංගුවට ගෙන ඇතැයි අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති රංජිත් කුමාර සඳහන් කරයි.

මෙම හෙදියන් දෙදෙනා මහරගම පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විකිරණශීල්පීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සභාපතිවරයා සදහන් කළේය.

මෙම හෙදියන් දෙදෙනා 17 වෙනිදා  සවස් කාලයේ  ප්‍රතිකාරසේවා නිමවී පසුදිනට එනම් අද ( 18 ) දිනට   නියමිත ප්‍රතිකාර කටයුතු සදහා අදාල අංශය රෝගීන්ට   සූදානම් කරමින් සිටිය දී විකිරණ ශිල්පීන් දෙදෙනෙකු එහි පැමිණ  අදාල බංකරයට පිටතින් අගුළුදමා විදුලියද විසන්ධි කර  පිටව ගොස් තිබිණි.


මෙහිදී හෙදියන් දෙදෙනා දොර විවෘත කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ති‌බේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික විකිරණශීලී තත්ත්වයකට  නිරාවරණය වෙමින් අදාල හෙදියන් දෙදෙනා  පැයක පමණ කාලයක් සිරවී සිට ඇත.  පසුව වෙනත් කටයුක්තක් සඳහා එහි පැමිණි රෝහල් සුළු සේවකයෙකු අදාළ බංකරය විවෘත කිරීමෙන් පසුව හෙදියන්ට එළියට පැමිණීමට හැකිව තිබේ.

Exit mobile version