අපේක්ෂා රෝහලේ දොස්තර ධර්මපාලයේ සිසුවකුට වෙඩි තබයි

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයීය ක්‍රිඩාංගණය අසල පිහිටි නිවසකට ගිය පන්දුවක් ලබා ගැනීමට ගිය සිසුවකුට එම නිවසේ වෙසෙන වෛද්‍යවරයකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් නිසා සිසුවාට තුවාල සිදුව ඇත.

වායු රයිෆලයකින් සිදු කරන ලද මෙම වෙඩි තැබීමෙන් දරුවාගේ පාදයකට තුවාල සිදුව අති අතර ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලට අතුළු කොට ඇත.

මේ සම්බන්ධයෙන් අදාල වෙඩි තැබීමට සම්බන්ධ මහරගම අපේක්ෂා රෝහලට අනුයුක්තව සේවය කරන 46 හැවිරිදි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෛද්‍යවරයාගේ නිවස විදුහල් ක්‍රිඩා පිටිය ආසන්නයේ පවතින බැවින් නිතර ක්‍රිඩා පන්දු ඔවුන්ගේ ගෙවත්තට යාම හේකුවෙන් එම වෛද්‍යවරයා උරණව සිටි පුද්ගලයකු බව සඳහන් වේ.

Exit mobile version