අපේක්ෂා රෝහලේ අධි විකිරණශීලී බංකරයක තරුණ හෙදියන් 02ක් හිර කරලා…

Hawaii Youth Correctional Facility (HYCF), Kailua, Hawaii. Run by Al Carpenter, Director. Originally built for 56 kids and presently housing 72. $14 Million dollars a year is spent on HYJC, mostly on staff and poor management of overtime and contracts. Most of kids here have come from really horrific situations of abuse, drugs, addiction. Pictured: A.S., age 17, transgender—Lives in girls dorm isolation bedroom, made to protect against suicide. She has been here for 7 months and has 2 more months before she turns 18 and can go home. She lives with her mom, dad and younger brother and sister. She has hardly been at home, spending most of her time on the streets wanting to be with older friends. They are part of “that life.” They are “positive” people who got involved with drugs (more than weed), prostitution and burglary. The girls are welcoming, staff are a bit ambivalent, but accommodating. She is kept in a separate sleeping unit, which she enjoys as the girls are so noisy they keep her up. She is a light sleeper, enjoying the quiet. Sometimes she misses the social interaction in the evening. It might be an issue of discrimination by separating her, but safety issues are paramount. Still not resolved.

සමන්තිකා වීරවර්ධන –                                           

මහරගම අපේක්ෂා රෝහලේ  ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලි බංකරය තුළ (බැකී තෙරපි අංශය)   තරුණ හෙදියන් දෙදෙනෙකු සිරකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම හෙදියන් දෙදෙනා 17 වෙනිදා  සවස් කාලයේ  ප්‍රතිකාරසේවා නිමවී පසුදිනට එනම් අද ( 18 ) දිනට   නියමිත ප්‍රතිකාර කටයුතු සදහා අදාල අංශය රෝගීන්ට   සූදානම් කරමින් සිට ඇති බවත් එහිදී විකිරණ ශිල්පීන් දෙදෙනෙකු එහි පැමිණ  අදාල බංකරයට පිටතින් අගුළුදමා විදුලියද විසන්ධි කර  පිටව ගොස් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මෙහිදී හෙදියන් දෙදෙනා දොර විවෘත කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ති‌බේ.


අධික විකිරණශීලී තත්ත්වයකට  නිරාවරණය වෙමින් අදාල හෙදියන් දෙදෙනා  පැයක පමණ කාලයක් සිරවී සිට ඇත.  පසුව වෙනත් කටයුක්තක් සඳහා එහි පැමිණි රෝහල් සුළු සේවකයෙකු අදාළ බංකරය විවෘත කිරීමෙන් පසුව හෙදියන්ට එළියට පැමිණීමට හැකිව තිබේ.

පැයකට වැඩි කාලයක් විකිරණද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක්  ඇතිවිය හැකි බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරත් සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අප මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාව සම්බන්ධ කර ගැනිමට කීපවරක්ම  උත්සහ කළද එය ව්‍යර්ථ විය.

Exit mobile version