අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….

වැඩබලන ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා...

යුධ හමුදාපති කියයිකොවිඩ් පාලනය පිළිබඳව අප රටක් ලෙස පැහැදිළිවම අධි තක්සේරුවක සිටි බව පිළිගන්නට සිදුවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා පවසයි. දින 50ක් පමණ කාලයක් තුළ පළමු අවස්ථාවේ කොවිඩ් 19 වයිරස වසංගතය සමාජයෙන් ඈත් කිරීමට අප සමත් වීම තුළ එය පාලනය සම්බන්ධයෙන් අධි තක්සේරුවක් නිර්මාණය වූ බවත් ඒ තුළ සමස්ත සමාජයම මේ පිළිබඳව සුළු කොට තැකූ බවත් ඔහු මෙහිදී පෙන්වා දෙයි.

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් චැනලය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් යුධ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ අප කොවිඩ් වසංගතය සැලකිය යුතු පාලනයකට ලක් කළත්  එහි පසුකාලීනව යම් අතපසුවීමක් සහ  නොසලකා හැරීමත් සිදුවූ  බවය.

එහිදී   තවදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා කොවිඩ් වසංගතය යම් හෙයකින් පැතිරුණහොත් අත් විය හැකි තත්ත්වය පිළිබඳව ජනතාව කෙතරම් දැනුවත් කළද  සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව කෙතරම් දැනුවත් කළද පසුගිය කාලය තුළ මෙරට එවැනි වසංගත තත්ත්වයක් නොමැති ආකාරයේ තක්සේරුවකින් පසු වූ බව ඔහු සඳහන් කළේය.


.“ රටක් ලෙස අප පළමු පියවරේදී කොවිඩ් පාලනයේදී සාර්ථක වෙන්න අවශ්‍ය ජයග්‍රහණය ලබා දුන්නේ ජනතාවමයි. ඔවුන් නිසි ආකාරයෙන් ඒ කාලයේ ක්‍රියා කළා. නමුත් ඕනම රෙගුලාසියක් හදන්න පුළුවන්. නීති දාන්න පුළුවන්. ජනතාව ඒවා නොපිළිපැද්දොත් මොකද වෙන්නේ?“

හමුදාපති වරයා සඳහන් කරන්නේ දැනට හමුවෙමින් ඇති කොවිඩි ආසාදිතයන්ගෙන්  මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් බවත්,  ඔවුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින අතර මේ වනවිට කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය ආශ්‍රිතව නිර්මාණය වූ ආසාදිතයන් සමග එහි කොවිඩ් පොකුරත් නිර්මාණය නොවන්නේ යයි සහතික විය නොහැකි බවත්ය.

මේ තත්ත්වය නිර්මාණය වීමේ හෝ නොවීමේ වගකීම ඇත්තේ සේවක සේවිකාවන් අත බව ඔහු කීවේය.

“ කටුනායක අපට කොවිඩ් පොකුරක් නිර්මාණය වන්නේ නැහැයි කොයි මොහොතකවත් කියන්න බැහැ. ඔක්කොම තියෙන්නේ අපේ සේවක සේවිකාවන් අතේ. තමන් කොවිඩ් රෝගියකු නොවී සිටින්නට තරම් තමන් කෙතරම් ආරක්ෂා වන්නේද ඒ තුළින් අපට එවැනි ත්ත්වයක් වළක්වා ගන්න පුළුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ මොහොතේ රට පැති දෙකකින් අතිශය තීරණාත්මක ත්ත්තවයකට පත්ව ඇති බවත් එක් අතකින් සෞඛ්‍යය සම්න්නධයෙනුත් අනෙක් අකින් ආර්ථිකවය සම්බන්ධයෙනුත් අප සිටිනුයේ තීරණාත්මක පසුබිමක බවද පෙන්වා දුන් යුධ හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා තමන්ට රෝගීන් පිළිබඳව තොරතුරු හෝ සංඛ්‍යාලේඛනවල ඇත්ත සඟවන්නැයි කිසිවකු හෝ මෙතෙක් උපදෙස් දී නොමැති බවත් ඒ පිළිබඳව සත්‍යය පමණක් රටට කියන බවත් කීය.  යමකු මේ තොරතුරු සඟවන්නැයි උපදෙසක් දුනහොත් තමන් මුලුමනින්ම එය   ප්‍රතික්ෂේප කරන බවද පැවසීය.

Exit mobile version