අපි බලයට ආවෙ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි… වරායෙ ගනුදෙණුවට මම විරුද්ධයි..

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්තගේ මාධ්‍යයට කියයි...

මෙම රජය බලයට පැමිණියේ ජාතික සම්පත් විකිණීමට නොවන බවත් විෂය පිළිබඳ ප්‍රමාණිකයන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් දැනුමක් හා තාක්ෂණයක් තිබෙන බව සහතික වෙද්දී ඉන්දියාව සමග කරන්නට යන මේ ගනුදෙණුවට කිසිවිටෙක එකඟ නොවන බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තගේ පවසයි.

මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුර සපයමින් සිය ෆේස් බුක් ගිනුමෙහි පලකරන වීඩියෝවක් හරහා ඔහු මේ අදහස් සමාජගත කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂ රජය ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගම සමග ඇති  කරගත් ගිවිසුමේ ප්‍රතිපල අනුව අපට එම භූමියේ හිමි තෙල් ටැංකි 17ක් පමණක් බවය. එම ප්‍රදේශයටවත් ඇතුළු විය නොහැකි බවය. එවැනි අත්දැකීම් සහිත අප  තාක්ෂණය, සම්පත් හා දැනුම අවශ්‍ය පමණ තිබිය දී මෙම ගනුදෙණුව ඉන්දියාව සමග කිරීම අවශ්‍ය නැති බව තමන් අදහස් කරන බව කියයි.


තමන් මාධ්‍යය හරහා මේ ප්‍රකාශ  කරන්නේ මෙම ගනුදෙණුවට එරෙහිව තමන්ගේ මැදිහත්වීම බව ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ආණ්ඩුව දැන් පැටලී ඉන්නේ පසුගිය රජය සමයේ ගැසූ ගිවිසුම්වලින් එළියට එන්නට නොහැකිවීමේ ප්‍රතිඵලය බව කියන මන්ත්‍රීවරයා මේ සම්බන්ධව ඉන්දියාව කරන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම කිසිසේත්ම නුසුදුසු බව පෙන්වා දෙයි.  සාකච්ඡා මගින් ඇති කරගත යුතු සම්මුත් හරහා මෙම ජාතික සම්පත අප වෙතම රඳවා ගත යුතු බව තමන් අදහස් කරන බව ඔහු පවසයි.

Exit mobile version