ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින් අද නිකුත් කරන ලද වාර්තාව සම්න්ධව තම ස්ථාවරය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
මහ බැංකුව පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ කිහිපයක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවය.
රජය අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ බවත්, විනිමය අනුපාතික නම්‍යශීලීභාවයට ඉඩ දී ඇති බවත්, විදේශ විනිමය වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වූ සීමාවන් ඉවත් කළ බවත්, IMF නිර්දේශයන්ට පෙර ප්‍රධාන භාණ්ඩ සඳහා වෙළෙඳපොළ පදනම් කරගත් මිල ගැලපීම් කිරීමට ඉඩ දුන් බවත් මහ බැංකුව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට පිරිවැයට වඩා ප්රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීපව කටයුතු කිරීමට මහ බැංකුව සූදානම් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.