ශ්රි ලංකාවට සුපිරි අට දෙනාගේ වටයට යෑමට ඇති අවස්ථාව මින් ඉදිරිය එළඹිය හැකි ආකාරය සම්බන්ධව ප්රවීන ක්රිකට් විචාරක රොෂාන් අබේසිංහ පැහැදිලි කළේය. ඒ සිරස ටී.වී. සමග විශේෂඥ විචාරයකට එක් වෙමිනි.
ඒ අවස්ථාව එළඹෙන්නේ මෙසේය. ශ්රි ලංකාව තරග වදින්නේ ඩී ඛාණ්ඩයෙනි. එහි දකුණු අප්රිකාව ශ්රී ලංකාව, නේපාලය, බංගලාදේශය සහ නෙදර්ලන්තය තරග වදිති.
- නේපාලය සහ නෙදර්ලන්තය සමග තරග දෙකම ශ්රී ලංකා කණ්ඩායම විසින් ජයග්රහණය කළ යුතුමය.
- මේ වනවිට අපේ ලකුනු ලබා ගැනීමේ වේගය ඍණ 0.7කි. එය ඉහළ ලකුනු ලබා ගැනීමේ වේගයක් බවට පත් කරගත යුතුය.
- ඊලඟ සාධක අපට පාලනය කළ හැකි නොවේ. එක කණ්ඩායමක් තරග හතරම ජය ගත යුතුය. එය දකුණු අප්රිකාව විය හැකිය.
- එක් කණ්ඩායමක් තරග 04ම පරාජය විය යුතුය. ඒ කණ්ඩායම නේපාලය විය හැකිය.
ඒ සියල්ල සිද්ධ වූ පසු වැදගත්ම කොන්දේසියක් පැමිණේ.
” එහෙමත් වෙලා නෙදර්ලන්තය බංගලාදේශයට ගහන්න ඕන.” රොෂාන් අබේසිංහ සිනාසෙමින් කීවේය.