ආපදා තත්වයක් තුළ අතිවිය හැකි අවතැන් කඳවුරු සඳහා දැඩි නිරෝධායන නීති

ශ්‍රියානි විජේසිංහ –

අහපත් කාලගුණ තත්වය හේතුවෙන් අපාදා තත්වයක් රට තුළ පැනනැගුණහොත් අවතැන් කඳවුරු වෙත පැමිණෙන පුද්ගලයින්ට ආපදාව සම්පූර්ණයෙන්ම පහව යන තෙක් කඳවුරෙන් පිටවම සපුරා තහනම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

කොවිඩ් 19 පැතිරී යන මෙවැනි අවස්ථාවක කඳවුරෙන් පුද්ගයින් විටින් විට පිටව යෑම සහ ඇතුළු වීම පුද්ගල ජීවිත අවදානමකට හෙළීමක් වන බැවින් මෙම තහනම ක්‍රියාත්මක කළ බව ඔහු පැවසීය.

ගංවතුර අවදානමට ලක්වන  ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට කඳවුරු වෙත පැමිණීම හැකි තරම් අවම කර තම ඥාති මිත්‍රාදීන්ගේ නිවාසවෙත යෑමට කටයුතු කරන්නේ නම් කොවිඩ් 19 පැතිරීම අවම කර ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවතැන් කඳවුරු සකස් කළ යුත්තේ  කෙසේ ද යන්න පිළිබඳව මේ වනවිටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ආපදා මධ්‍යස්ථානයට සහ ආපදා සහන සේවා කණ්ඩායම් වෙත දැනුම් දී ඇතැයි වෛද්‍ය හේමන්ත හේරත් කීවේය.

Exit mobile version