අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 6ක් කොමාරිකා වගාවට වෙන් කර ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී මහාචාර්ය හරිනී අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
රටක් ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කීරීමේ දී කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන ප්‍රතිඵල ගැනද විමසිය යුතු බව කී මන්ත්‍රීවරයා මේ වගා සඳහා යොදාගෙන ඇති බිම් වලින් බහුතරයක් සම්ප්‍රදායික ආහාර භෝග වගාව සඳහා වෙන් කළ ඉඩම් බව පෙන්වා දුන්නාය.
එම ඉඩම් වැඩි වශයෙන් වෙන් වී ඇත්තේ රාජාංගනය හා නොච්චියාගම. මේ සම්ප්‍රදායික ගොවි බිම්. ඊට අමතරව විල්පත්තු කැලෑව මායිමේ කරන මේ ව්‍යාපෘති සඳහා විශාල කැලෑ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන තියන බව වාර්තා වෙනවා. අවසානයේ දී මේ වගාව සඳහා අලි මිනිස් ගැටුම, පරිසර හානිය වගේම රටේ ආහාර සුරක්ෂිත තාවය සඳහා බලපෑම් කරන බව කියන්න අවශ්‍යයයි.
මොකද මේ සම්ප්‍රදායික ගොවිතැන සඳහා රජය විසින්ම පොහොර ලබා නොදීම වැනි බාධක ඇති කිරීම නිසා එම ගොවිතැන අත්හල ගොවීන් කෝමාරිකා වගාවට ඇතුළුවීමේ නැඹුරුවක් අප දකිනවා. ඇය වැඩිදුරටත් කීවාය.