අද දිනයේදී පැය 2ක විදුලිබල කප්පාදුවක් කළ යුතු බව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසරය ඉල්ලා ඇති නමුත් එය ලබා දිමට කොමිෂන් සභාව එකග නොවූ බව එහි සභාපති ජනක රත්නායක සදහන් කරයි.
ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා නොකළහොත් ඉදීරියේදී අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ද සභාපතිවරයා අනතුරු අඟවා සිටියි.
පසුගිය සතියට වඩා මේ සතිය තුළ මොගොවොට් 200ක විදුලිය පාරිභෝගිකයින් පරිභෝජන කර ඇති බව ජනක රත්නායක පෙන්වාදේ
රාත්රි කාලය තුළ මොගොවොට් 210ක විදුලි හිගයක් පවතින බැවින් විදුලිබල මණ්ඩලයේ විදුලි කප්පාදුව ඉල්ලා ඇති බවත් එය සවස 1.30 – 5.30 දක්වා කාලය හා 5.30 – 9.30 දක්වා කාලය තුළ කාණ්ඩ හතර සදහා බවද හෙතෙමෙ පෙන්වාදේ.
කෙසේ නමුත් පෞද්ගලික ජෙනරේටර් උපයෝගි කර ගනිමින් අමතර විදුලිය ලබා ගනිමින් මෙය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙස උපයෝගිතා කොමිෂම් සභාව විදුලිබල මණ්ඩලයට දැනුම් දුන් බව සභාපතිවරයා කියයි.