දෙදෙනකුගේ අනියම් බිරිඳ නවගමුව ඝාතනයට මුල බව හෙළිවෙයි

woman arrested

file photo

නවගමුව පොලිස් වසමේ රනාල ප්‍රදේශයේ දී දින කිහිපයකට ඉහතදී කැලණි ගඟේ පාවෙමින් තිබූ අතපය දම්වැල්වලින් ගැටගසා තිබූ කට්ටඩියාගේ ඝාතනය සම්බන්ධයෙන් අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනයට හේතුව මියගිය පුද්ගලයාගේ අනියම් බිරිඳ වන අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය සහ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රියදුරු අතර තිබූ තවත් අනියම් සබඳතාවක් බවත් පොලීසිය සැකපළ කරයි.

අත්අඩංගුවට ගෙන ඇති අය අතර ඇඹුල්ගම ගල් වැඩපොලක වැඩපොලක සේවයේ නිරත වූ හොරිවිල පලුගස්වැව පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු සහ එම පුද්ගලයාගේ ඥාතියෙකු වන පිටිපන පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


පැහැරගෙන ගොස් ඝාතනයට ලක්වී තිබු 54 හැවිරිදි කට්ටඩියා සිය අනියම් බිරිඳ සමඟ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳ තවදුරටත් විමර්ශන පැවැත්වේ.

Exit mobile version