යුරෝපා කොමිසම Huawei සහ ZTE යන චීන දුරකතන සමාගම්වලින් ජංගම දුරකථන ජාල සමූහයට ඇතිකෙරෙන අවදානම ගැන අනතුරු හඟවා තිබේ.
යුරෝපා කොමිසමට අනුව චීනයේ Huawei සහ ZTE සමාගම් අනෙකුත් ව්‍යාපාරිකයන්ට වඩා ඉහළ මට්ටමේ අවදානමක් ඇති කර තිබේ. එබැවින් මෙම සමාගම් සේවා සැපයීමේ දී ඔවුන්ගේ උපකරණ භාවිතය සඳහා තවදුරටත් නව ගිවිසුම්වලට නොඑළඹෙනු ඇති බවත් යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.
යුරෝපා සංගමයේ අභ්‍යන්තර අලවි කොමසාරිස් තිඑර්රි බ්‍රෙටන් එම සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය 27 ට දැනුම් දී ඇත්තේ අනාගත පොදු ආරක්ෂාව සලකා බලා Huawei සහ ZTE භාවිතය නවත්වන ලෙසය.
තිඑර්රි බ්‍රෙටන් මෙම ආයතන සම්බන්ධව කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක උල්ලංඝණයන් පිළිබඳ සර්වව්‍යාපී අවදානමක් සහ නිෂ්පාදන තීරණයන්හිදී අවහිරයන් ඇති විය හැකි බව බවට බරපතල අනතුරු ඇඟවීමක් කරමිනි.
චීනය සමඟ ප්‍රතිපත්තිමය සබඳතා පවත්වා ගන්නා අතරතුරම චීනය කෙරෙහි යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති දැඩි වන ආකාරය මේ සිදුවීම් හරහා ප්‍රකට වන බව දේශපාලන විචාරකයෝ පවසති.
ඇමරිකාව දිගු කාලයක සිට මෙම සමාගම් අසාධු ලේඛනගත කළ යුතු බවට තර්ක කරමින් සිටී. ඇමරිකාව පෙන්වා දෙන්නේ Huawei සහ ZTE සමාගම් ජාතික ආරක්ෂාව පදනම් කොටගෙන අසාධු ලේඛනගත කළ යුතු බවය.
ඒ පදනම මතම මෙම සමාගම්වල නිශ්පාදන භාවිතය තහනම් කළ යුතු බවද ඇමරිකාව කියයි. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ බුද්ධි අංශ හෙළිකරගෙන ඇත්තේ හුවාවේ උපකරණ කට්ටල මගින් සයිබර් අවකාශයේ බලහත්කාර ප්‍රවේශයක් සිදුවන බවය. ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ මේ වනවිට සාක්ෂි එක් කරමින් සිටින බව අන්තර්ජාතික මාධ්‍ය පවසයි. එක් රැස්වන තොරතුරු විශ්ලේෂණයේ දී මෙම රහස් සයිබර් ආක්‍රමණයන් චීන ඔත්තු සේවා හා ඇති සම්බන්ධය පිළිබඳව ද ඉඟි පලවෙමින් ඇතැයි වාර්තා වේ.