අන්තවාදී දේශකයන් දෙදෙනෙක් ඔළුවිල් ප්‍රදේශයේ දී අත් අඩංගුවට….

කීර්ති ප්‍රනාන්දු  –

අන්තවාදී දේශන හා මූලධර්මවාදී දේශන පැවැත්වූ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් ඔළුවිල් ප්‍රදේශයේ දී ඊයේ (07)  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන පවසයි.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔළුවිල් ප්‍රදේශයේ දී ය. ඔවුන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මේ පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 39 වැනි වියෙහි පසුවෙති.


සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් දෙදෙනා විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයන් බඳවා ගන්නා ආකාරය, එවැනි කාඩරයින්ට ලබා දෙන උපදෙස් හා දේශන සිය දේශනවල අන්තර්ගත කර ඇති බවත් ඒවා ළමුන්ට දේශනා කර ඇති බවත් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

එසේම මෙම සැකකරුවන් දෙදෙනා වර්ෂ 2018 දෙසැම්බර් මාසයේ දී අන්තවාදී දේශන සහිත පන්තියක් ඔළුවිල් ප්‍රදේශයේ පවත්වා ඇති අතර එහිදී එම දේශන හා පන්තිවලට සහභාගී වූ සිසුන්ට ඔවුනගේ විරෝධතා හෝ කැමැත්ත නොසලකා දැඩි ශාරීරික අපහසුතා සහිත අභ්‍යාස ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එසේම එම අභ්‍යාසවලට අකැමැත්ත ප්‍රකාශ කළ සිසුන්ට පහර දීම් සිදුකර ඇති බවත්, ඒ පහර කෑමට ලක්වූ සිසුන් කීපදෙනෙක්ම ත්‍රස්ත ක්‍රියා විමර්ශන  අංශයේ නිලධාරීන්  විසින් මේ වනවිට සොයාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටින බවත් පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් දෙදෙනා මේ වනවිට කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙනවිත් ඇති අරත රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

Exit mobile version