අන්තර්ජාතික “Mrs Grand International  ­2022 රූ රැජන තරගයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ශ්‍රී ලංකා විවාහක රූ රැජනගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා…

ශ්‍රී ලංකා විවාහක රූ රැජන රසාංගි චාමිකා අධිකරණයට යයි!

මියන්මාරයේ  පසුගියදා පැවැත්වූ  “Mrs Grand International  ­2022“ තර්ගයට ඉදිරිපත් වූ තමන්ගෙන්එම තරගයේ  ශ්‍රී ලංකාව  නියෝජනය කරන අධ්‍යක්ෂවරයා වන මලිත් රණසිංහ තමන්ගෙන්  ලිංගික අල්ලස් ඉල්ලූ බව මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්   චාමිකා විතානවසම්   ඊයේ  (21)  පැවසුවාය.

ඇය මේ බව පැවසුමේ ඊයේ (21)  සම්බුද්ධත්ව ජයන්ති  මන්දිරයේ පැවැති  මාධ්‍ය  හමුවකට එක් වෙමිනි.   Mrs grand international  හි ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලංකා  අධ්‍යක්ෂ මලිත් රණසිංහ තමන්ගෙන්  ලිංගික  අල්ලස් ඉල්ලූ බවත්  මෙරට  තහනම් මත්ද්‍රව්‍යයක්වන  ගංජා නොහොත්  ඔහු  පැවසූ ආකාරයට ජොයින්ට් එකක් ගසා රැයක් පහන් කිරීමට   පැමිණෙන ලෙස දුරකතනයෙන්    තමන්ට දැන්වූ   බවත් ඇය කීවාය.

ඊට අදාළව හඬ පටය මෙහිදී   මාධ්‍යමේදීන්ට මුදාහළ ඇය  එවැනි හඬපට ගණනාවක්  තමන් සතුව ඇති බවත් කීවාය.  තමන් මියන්මාරයේ  එකී තරගයට එක වෙමින්   ගුවන්තොටුපල  සිට නැවත මෙරටට පැමිණෙන තෙක්    විඳි දුක් ගැහැට  සම්බන්ධයෙන් ද ඇය මෙහිදී පැවසුවාය.

මෙම තරගයට ඉදිරිපත් වීම සම්බන්ධව තමන් සමග ගිවිසුමකට එළඹි මලිත් රණසිංහගේ සමාගම  තරගයට අදාළ මුදල් නොගෙවීම මත  අවසන් තර්ගයට සහභාගී වීමට නොහැකි   බව එහි සංවිධායකයන් දැනුම් දුන් බවත් මෙරට  සිටි ඥාතීන්ට මුදල්  යැවීමට  අවසර නොමැති බවට  මහ බැංකුව කළ දැනුම් දීමකට  අනුව  ඇමරිකාවේ  සිටි තම  සවාමිපුරුෂයා ඩොලර්  එවූ බවත් ඇය කීවාය.


එහෙත් ඒ වනවිට තරග සංවිධායකයින් විසින් තමන් අවසන් පේළියට යොමු කර තිබූ බව කී ඇය තමන්ට වඩා උස ඉන්දීය කාන්තාවක් ඉදිරියෙන් සිටීම නිසා තමන් වේදිකාවට නොපෙනුන බවත් කීවාය.

මෙහිදී ඇයගේ  නීතිඥ සඳරුවන්  සේනානායක පැවසුවේ සේවාදායිකාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ශ්‍රී ලංකාවජාත්‍යාන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

ශ්‍රී ලංකාව රටවල් 25ක් ඉදිරියේ අසීරුතාවයට පත් වූ බව අවධාරණය කළ නීතිඥවරයා රටට සහ  තම සේවාදායකයාට  සිදුව අපකීර්තියට එරෙහිව අද (22)  Mrs grand international  ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයාට එරෙහිව එන්තරවාසියක් යොමු කරන බවත් ඔහු සිදුකරන ඉදිරි වැඩසටහන් සඳහා වාරණ නියෝගයක් ගන්නා බවත් හෙතෙම පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලිංගික අල්ලස් ඉල්ලූ හඬ පටය…

Exit mobile version