අනතුර ගැන නොකීවාට නුවර නිවසේ හිමිකරු ලෙව්කේට පොලිසියෙන් නඩු

තිදෙනෙකු මරණයට පත්කරමින් කඩාවැටුණු මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අනුර ලෙව්කේ මහතාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සදහන් කළේය.

ගොඩනැගිල්ල ඉරි තලා පොළොවේ ටයිල් කැඩී ඉහළට එසවෙන විට එහි පදිංචිව සිටි ගොඩනැගිල්ලෙහි හිමිකරු සහ බිරිද සහ දරුවා නිවසේ සුරතලයට අතිකරන සතුන්ද රැගෙන ඊයේ අළුයම් කාලයේ නිවසින් පිටවගොස් ඇති බවත් ඒ අය අඩුම තරමින් අවට වැසියන්ට අනතුරු ඇඟවීමක් පවා කර නැති බවත් ධර්මරත්න මහතා පැවැසීය.

තමන්ගේ නිවසේ බිත්ති ඉරිතලා ටයිල් ඉහළට එසවී ඇති බව අසල්වාසී නිවාස වලට දැනුම් දුන්නේ නම් ගොඩනැගිල්ල අසල නිවාසවලට කඩා වැටී ඒ එක් නිවසක ජීවත් වූ අහිංසක පවුලක් මිය නොයන බවද සංජීව ධර්මරත්න මහතා සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගොඩනැගිල්ලෙහි හිමිකරුවන් මෝටර් රථයක නැගී ආරක්ෂාකාරීව ඉවත්ව ඇති බවත් අඩුම තරමින් සිය ගොඩනැගිල්ල කඩා වැටීමේ අනතුරක් ඇති බවක් ඔවුන් පොලීසියට හෝ වෙනත් අංශයකට දැනුම් දෙමින් ඒ අවට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පියවරක් ගත්තේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් නො‍ගෙන සිටීමට පවා තිබුණු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version