අනතුරක් කර පලාගිය අශෝක ප්‍රියන්තගේ රථය මග නැවතේ…

පල්ලම පොලිසියට ගිහින් තිබෙන්නෙ වාහනෙ කැඩුණු නිසා...

තම සුඛෝපභෝගී ජිප් රථයෙහි යතුරු පැදි කරුවෙක් හප්පා, ඔහුට මාරාන්තික තුවාල කර  පලා යමින් සිටියදී එම  රථය කාර්මික දෝෂයකට ලක්ව මග නැවතීම නිසා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත  පුත්තලම පල්ලම පොලිස්ථානයට භාර වී තිබේ.

ආණමඩුව හලාවත මාර්ගයේ උප්පලවත්ත සුසාන භූමිය ආසන්නයේ දී 19 දා රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පුද්ගලයන් දෙදෙනෙක් ගමන් කර ඇත.

යතුරුපැදිය ධාවනය කළ 38 හැවිරිදි පුද්ගලයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්වය බරපතල නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.


අනතුර සිදුවනවාත් සමග මන්ත්‍රිවරයා ඒ් පිළිබඳ කිසිදු විමසීමක් නොකර හලාවත දෙසට අධික වේගයෙන් ජිප් රථය ධාවනය කර ඇත. ඒහෙත් පල්ලම ප්‍රදේශ‌යේ දී කාර්මික දෝෂයක් නිසා රථය නතර වී තිබේ. අනතුරුව පල්ලම පොලිසිය වෙත පැමිණි මන්ත්‍රීවරයා සහ ඔහුගෙ රියදුරු සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජිප් රථය කාර්මික දෝෂයකට ලක් නොවුණේ නම් මන්ත්‍රීවරයා පලා යන්නට තිබුණු බව පවසන පල්ලම පොලිසිය අනතුරට ලක් වූ යතුරුපැදිකරු බරපතල තත්වයේ පසුවන බව කීවේය. එහි ගමන් ගත් අනෙක් පුද්ගලයාගේ තත්වය බරපතල නොවන බව වාර්තා වේ.

Exit mobile version