අධි තාක්ෂණික චීන නැව ශ්‍රි ලංකාවට එනවාට ඉන්දියාව කෙළින්ම ජනපතිට විරෝධය දක්වයි !

යුවාන් වන්ග් 5 යාත්‍රාව...

හම්බන්තොට වරායට පැමිණීමට නියමිත ව ඇති චන්ද්‍රිකා නිරීක්ෂණ පහසුකම් සහිත අධි තාක්ෂණික චීන නෞකාව ශ්‍රි ලංකා මුහුදු තීරයට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති ඉන්දියාව මේ වනවිටත් මෙම නෞකාව මෙරටට පැමනීමට ඉඩ දීම  සම්බන්ධයෙන්  සිය විරෝධය ජනාධිපති රනිල් වික්‍රමසිංහ   වෙත සැළ කර ඇති බව “ද හින්දු“ පුවත් පත වාර්තා කරයි.

මේ පිළිබඳව මෙතෙක් ඉන්දීය රජය පාර්ශ්වයෙන් හෝ ශ්‍රි ලංකාවේ ජනාධිපති  ලේකම් කාර්යාලයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කොට නැතත් ඉන්දීය රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මේ බව ද හින්දු වෙබ් අඩවිය   අනාවරණය කර ඇත.

චීනයේ යුආන් වැන්ග් 5 නෞකාවට අභ්‍යවකාශ යානා සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ හැකියාව පවතින අතර එය එරට සතු අධිතාක්ෂණික නෞකාවන්ගෙන් එකක් වේ. මෙම තත්ත්වය අනුව අදාල නෞකාව මෙරටට පැමිණීමට නියමිත බව මුල් වරට ඉන්දියාව අනාවරණය කළත්  එය ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඉතාම කෙටි කාලයකදී යලිත් වරක් මෙම නෞකාව මෙරටට සේන්දුවන බවට ආරක්ෂක අමාත්‍යංශය කීවේය. ඒ අනුව මෙම ප්‍රකාශයත් ඉන්දියාව යම් කන්සල්ලකට පත්කිරීමට සමත්ව ඇති බවද වාර්තාවේ.


අදාළ නෞකාව අගෝස්තු 11 සිට 17 දක්වා මෙරට නැංගුරම් ලෑමටද නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය අනාවරණය කරයි.  ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ   පවසා ඇත්තේ නවතම තත්ත්වය ඉතා සමීපව අධ්‍යනය කරමින් සිටින බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතතත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අධික ආර්ථික අර්බුදයට  මුහුණ දීමට ඉන්දියාව දැඩි සහයක් ලබාදුන් අතර මේවන විටත් විශාල ණය පහසුකම් ලබාදීම ක් සිදු කරයි. මෙම සහයදීම චීනය විසින් මෙරටට උපකාර අවැසි මෙහොතේ පිටුපා සිටියදී සිදුකිරීමද සුවිශේෂීත්වයකි.

Exit mobile version