අධික උෂ්ණත්වය මානසික සෞඛ්‍යයට බලපාන හැටි මනෝ වෛද්‍ය විශේෂඥයෙක් කියයි!

hot- day.

ශ්‍රියානි විජේසිංහ                                                    

අධික උෂ්ණත්වය  කායිකව මෙන්ම මානසිකවද බලපෑම් ඇති කිරිමට සමත් වන බැවින් දරුවන්ගේ මත ශක්තිය අඩුවී පාඩම් අමතක වීමේ ඉඩ කඩ වැඩි බව කරන ලද පරේයේෂණයන්ගෙන් තහවුර වී ඇතැයි ගාල්ල කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්     පවසයි.

දෙමාපියන් දරුවන් අතර මත ගැටුම් අඹුසැමියන් අරත ගැටුම් වැනි පවුල් ආරවුල් විශාල වශයෙන් වැඩිවීමට අධික උණුසුම හේතුවක් වී ඇතැයිද හෙතෙම පෙන්වාදේ.

සිරුරට දැනෙන අධික උණුසුමත් සමග ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම මෙම ගැටලු ඇතිවීමට හේතුවක් වන බව එම පර්යේෂණය වැඩිදුරටත් සනාථ කරන බවද විශේෂඥවරයා සඳහන් කළේය.

මේ කාලය තුළ මාර්ග අනතුර වැඩීවීමට හා කල කෝලාහ වැඩිවීමද මෙම ආවේග පාලනය කර ගැනීමට නොහැකිවිම ප්‍රධාන හේතුවක් වී ඇතැයිද හෙතෙම පෙන්වාදේ.


එසේම අධික උණුසුම මානසික රෝගී තත්ත්වන් ඇතිවීමටත් දැනට විශාධිය කාංසාව වැනි රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ගේ රෝග තත්ත්වය වැඩිවීමටද හේතුවක් වන්නේ යැයිද වෛද්‍ය රූමි රූබන්  සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දිනවල අධිකව දහඩිය පිටවන බැවින් අප පානය කරන ජල ප්‍රමාණය වැඩිකරමින් හැකි පමණ සෙවණ පවතින් ස්ථානයන් වෙත යොමුවීම වැදගත් බව හෙතෙමෙ පෙන්වාදේ.

 

Exit mobile version