අධිකරණ නියෝග කඩ කළැයි පෙළපාළියේ ගිය මන්ත්‍රීවරු 02කට නොතීසි…

නඩු විභාගය අප්‍රේල් 30 දා....

ටි.එන්.ඒ. සංවිධානය විසින් පසුගියදා පොතුවිල  නගරයෙන් ආරම්භ කල පෙළපාලිය අධිකරණ නියෝග කඩ කළ බවට කරුණු දක්වමින් ඊට සහභාගී වී සිටිය දී හඳුනාගත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමණික්කම් ෂාණක්කියන්, ගෝවින්දන් කරුණාකරන්, හිටපු මන්ත්‍රීවරුන්වන පාක්‍ය සෙල්වම් අරියනේන්ද්‍රන්, සින්න තම්බි කෝනෙෂ්වරන් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස කල්මුණේ   අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම පෙළපාළිය පැවති දිනයේ කල්මුණ ප්‍රදේශයේ කොරෝනා උවදූර දැඩිව පැතිරී යාම නිසා කොරෝනා රෝගය පැතිරයාමේ අවදානමක් ඇති වෙන බවත්, ජාතීන් අතර ගැටලු ඇතිවිමට ඉඩ ඇති බවත් පොතුවිල සිට යාපනය දක්වා පෙළපාළි පැවැත්වෙන අතර රථවාහන තදබදයක් ඇති වෙන්න බවත් දක්වමින් කල්මුණ  පොලිසිය විසින් අධිකරනයෙන් වාරණ නියෝගයක් ඉල්ලා සිටි අතර කල්මුණ අධිකරණය මගින් එම වාරණ නියෝගයක් පනවා තිබුණි.
අධිකරණය මඟින් මෙම පුද්ගලයන්ට එරෙහිව නොතීසි නිකුත් කිරීමට නියෝග නිකුත් කර ඇති අතර යළි නඩු විභාග කිරීම අප්‍රේල් මස 30 දාට නියම කරන ලදී.
මෙම පෙළපාළියේ ගමන්ගත් ඉතුරු පිරිස ද හඳුනාගෙන ඉන් අනතුරුව අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නට විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොතුවිල්, අක්කරපත්තු , සමන්තුරෙ යන පොලිස් ස්ථානවලින්ද පෙළපාළිකරුවන් අධිකරණ නියෝග වලට පිටුපා පෙළපාලියේ යෙදුණු බවට පොතුවිල, අක්කරපත්තුව, සමන්තුරේ, යන අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.

Exit mobile version