අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විනිසුරුවරුන් සම්බන්ධව කළ ප්‍රකාශයට අදාල නිරීක්ෂණ වාර්තාවක් අධිකරණ සේවා කොමිසම විසින් කතානායකවරයා වෙත යොමු කර තිබේ.
එම කොමිසම පවසා ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට සමගාමීව සභාගත කළ ලේඛන ගැන පුළුල්ව නිරීක්ෂණය කළ බවය.
එම නිරික්ෂණද ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් කථානායකවරයා වෙත යොමුකළ බව එම කොමිසම පවසයි. අධිකරණ සේවා කොමිසම සඳහන් කළේ අදාල සිද්ධියට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කරුණු ඇතුළත් ලේඛන අධිකරණ අමාත්‍යාංශයෙන් කැඳවා පරික්ෂා කළ බවය.
එම ලිපිය මගින් අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යවරයා එල්ල කර ඇති චෝදනා අභියෝගයට ලක් කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ දි අධිකරණ ඇමතිවරයා මතු කළ ගැටලුව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳ පැහැදිලි කිරීමක් ද එම ලිපියේ සඳහන් සඳහන් කර ඇති බවත්. ලිපිය මගින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට එල්ල කර ඇති චෝදනාවලට ආමන්ත්‍රණය කර ඇති බවත් හෙළි වී ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ජයන්ත ජයසූරියය. , විජිත මළල්ගොඩ , ගාමිණී අමරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එහි සාමාජිකත්වය දරයි.
අදාල නිරීක්ෂණ වාර්තාව ලබන 09 දා පාර්ලිමේන්තුවේ දී සභාගත කරන බව කතානායකවරයා පවසයි.
එමෙන්ම අධිකරණ අමාත්‍යවරයා පසුගිය 19 වැනිදා අධිකරණ පද්ධතිය විවේචනයට ලක් කරමින් සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව ප්‍රකාශ කළ අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අභියසට කැඳවන ලෙස කථානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එම සංගමය ඊයේ (30) විශේස මහා සභාවයක් කැඳවා තිබිණි.
අධිකරණ සේවා සංගමය මහා සභාවක් කැඳවනු ලැබුවේ වසර 09කට පසුය. ඊට ලංකාව පුරා සිටින මහේස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු අති බහුතරයක් එක් වී සිටියහ. සංගමයේ සභාවාරය සභාපති විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් විනිසුරු ඉසුරු නෙත්තිකුමාරගේ දෙපළ මූලිකත්වයෙන් උදෑසන 9.30ට පමණ ආරම්භ වූයේය.
මෙහිදී සංගමයේ සාමාජිකත්වය පෙන්වා දී ඇත්තේ අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන්ගේ පුද්ගලික අදහස් නොව සමස්ථ සාමාජිකත්වයේ අදහස බවය. එමෙන්ම අධිකරණසේවා සංගමය නිකුත් කළ නිවේදනයේ අන්තර්ගතය මහා සභා රැස්වීමේ දී සමස්ථ සාමාජිකත්වය ඒකමතිකව අනුමත කර තිබිණි.
සංගමයේ විධායක සභාව විසින් සංගමයේ සාමාජිකත්වයේ අදහස් ප්‍රකාරව ගත් තීරණයට ළ සභාපතිවරයා සහ ලේකම්වරයා සිදුකළේ අත්සන් තැබීම පමණක් බවට ඒකමතික යෝජනා සම්මතකයින් පසු විනිසුරුවරුන් ඒකමතික තීන්දුවකට පැමිණ ඇත්තේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා හුදකලා නොකරන බවට ය.