අධිකරණය දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථන සිම්පත බිරියට දෙන්න බෑ කියයි…

Expert committee appointed to determine cause of death in ongoing investigation

Dinesh-Shafter

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථන සිම්පත   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක තොරතුරු විමර්ශන අංශයේ   විමසීමකින් තොරව ඔහුගේ බිරිය වන ටානි ෂාෆ්ටර් වෙත ලබා දිය නොහැකි බව අධිකරණය ඊයේ (23) දැනුම් දුන්නේය.

දිනේෂ් ෂාෆ්ටර් භාවිතා කළ ජංගම දුරකථන අංකය ඇතුළත් සිම්පතක් තමන් වෙත ලබා දෙන ලෙස දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලා අධිකරණය  මෙම නියෝගය ලබා දුන්නේ  ඊයේ (12) කොළඹ අංක 02 අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය  ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

අධිකරණය දන්වා සිටියේ දිනේෂ්  ෂාෆ්ටර්ගේ  මරණය සම්බන්ධව සිදුකන විමර්ශන කටයුතු තවම නිමා වි නැති බැවින් සිම්පත ලබා දෙන ලෙස   කළ ඉල්ලීම මේ අවස්ථාවේ දී සලකා බැලිය නොහැකි බවය.

අනතුරුව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ  අදාළ සිම්පත අගතියට පත් පාර්ශව වෙත ලබා දිය හැකි ද යන්න ඊලඟ නඩු වාරයේ දී අධිකරණයට දැනුම් දෙන ලෙසය.


මෙම නඩුව යළි අනිද්දා බ්‍රහස්පතින්දා (15) කැඳවීමට නියමිතය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න තහවුරු කරගැනීම සඳහා අධිකරණයේ නිමයෙන් පංච පුද්ගල විශේෂඥ විද්වත් කමිටුවක් පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව පසුගිය 15 වැනිදා යළි ගොඩගත් දේහය දෙවැනි පශ්චාත්  මරණ පරීක්ෂණයකට ලක් කිරීමට කරාපිටිය රෝහට රැගෙන ගියේය.

Exit mobile version