ලලිත් චාමින්ද –
ගාල්ල බන්ධනාගාරගතව සිටි විශේෂ ගණයේ රැදවියෙක් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු විත්තිකුඩුව වෙත රැගෙන එමින් සිටියදි බන්ධනාගාර නිලධාරින්ගේ ග්රහනයෙන් මිදි අධිකරණ ශාලාවේ ජනේලයකින් පැනගොස් ඇති බව බද්දේගම පොලිසිය පවසයි.
මෙම රැදවියා බද්දේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණ වන අයෙකි. මත්ද්‍රව්‍ය හා සොරකම් සම්බන්දයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු 30ක් පමණ තිබෙන බව පොලිසිය පවසයි.
ඊයේ (28) මෙම රැදවියා ගාල්ල බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි. බද්දේගම අධිකරණයේ විභාගවන නඩුවකට ඉදිරිපත් කිරිම සදහා රැදවියා රැගෙනවිත් තිබු අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු විත්තිකුඩුව වෙත රැගෙන යමින් සිටියදි අධිකරණ ශාලාවේ ජනේලයෙන් පැනගොස් ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා බද්දේගම පොලිසිය විසින් පොලිස් කණ්ඩායම් 05ක් පමණ යොදවා ඇති බව පොලිසිය පවසයි. බන්ධනාගාරය මගින් ද රැදවියා පැනයාම සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇත.