අධිකරණයට අපහාස කළ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට තවත් මාස 06ක් බරපතල වැඩ සහිත සිර දඬුවම්!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්නට අභියාචනාධිකරණයේ ද්වී පුද්ගල විනිසුරු මඩුල්ල විසින්  තවත්  මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරනු අජිත් ප්‍රසන්නට  මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කර තිබුණි.

මෙම නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්  සිය තීන්දුවේ සඳහන් කර තිබුණේ  මෙම මාස 06ක සිරදඬුවම ක්‍රියාත්මක වනු ඇත්තේ අජිත් ප්‍රසන්න     දැනටමත් ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම් කාලය අවසන්වීමෙන් පසුව බවය.

2019 වසරේ දෙසැම්බර් මස 06 වනදා සහ එම මස 08 වනදා යූටියුබ් නාලිකා ඔස්සේ මහෙස්ත්‍රාත්වරුන් කිහිපදෙනකුගේ තීරණ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් වගඋත්තරකාර අජිත් ප්‍රසන්නට එරෙහිව චෝදනා දෙකක් යටතේ චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.


එම චෝදනාවලට වරද පිළි ගනිමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදුන් අජිත් ප්‍රසන්න තමන් මින් මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

දිවුරුම් ප්‍රකාශයක් තුළින් ලබාදී තිබු එම ප්‍රතිඥාව සලකාබැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබූ චෝදනා දෙකකට අජිත් ප්‍රසන්න   වරදකරු කරන බව තීරණය කළේය.

ඒ අනුව එක් එක් චෝදනාවට මාස 6 බැගින් මාස 12ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම සිර දඬුවම මාස 6 කින් ගෙවී යායුතු බවට නියෝග කර තිබුණි.

වගඋත්තරකාර අජිත් ප්‍රසන්න මින්මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න   විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිරදඬුවම්වලින් නිදහස් වී ගිය දිනයක අධිකරණය විවේචනය වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතු බවටත් මෙහිදී විනිසුරුවරයා විසින් වගඋත්තරකාර අජිත් ප්‍රසන්නට තරයේ අවවාද කර ඇත.

Exit mobile version